තම්මි ඉක්බාල්ට හෘදයාබාධයක්

බංගලාදේශයේ හිටපු නායක තම්මි ඉක්බාල්ට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඔහු මේ වනවිට ෆාසිලතුන්නේසා රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මේ වනවිට ඔහු සැත්කමට යොමු කර ඇති බව ද සඳහන්.
මොහොමඩ් ක්‍රීඩා සමාජය සහ ෂයිනපුකූර් ක්‍රිකට් සමාජය අතර පැවැති එක්දින තරගයක් අතරතුරයි ඔහු හෘදයාබාධයකට ලක්ව ඇත්තේ.