ඔස්ට්‍රේලියානු පාසල් සිසුවෙක් බෝල්ට්ගේ වාර්තාවක් අබියසට

ඔස්ට්‍රේලියානු යොවුන් ධාවන ශුර ගවුට් ගවුට් පසුගියදා ජාත්‍යන්තර කෙටි ධාවන ශූර උසේන් බෝල්ට්ගේ වාර්තාවක් අසලටම පැමිණියේය.
ක්වින්ස්ලන්ත ප්‍රාන්ත ශූරතා තරගාවලියේ මීටර් 200 ඉසව්ව තප්පර 19.98කින් නිමා කරමින් ගවුට් මෙම දස්කම දැක්වුයේය.
කෙසේ නමුත් ධාවන කාලයේදී පැවැති සුළං තත්ත්වය ඔහුගේ වේගයට ආධාරයක්ව පැවැති බව සලකා මෙම වාර්තාව අවලංගු වීමට ඉඩ ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2009 බර්ලින් ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී මීටර් 200 ධාවන ඉසව්ව තප්පර 19.19කින් නිම කළ උසේන් බෝල්ට් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.
පසුගියදා මෙම ඉසව්වෙන් දස්කම් පෑ ගවුට් තවමත් 17 වැනි වියෙහි පසුවන පාසල් ශිෂ්‍යයෙකි.
- පසිඳු මිහිරාන් රැටියල