ඉන්දිය – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

ඉන්දිය – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ  ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 445ක්.

එහිදී ට්‍රවිෂ් හේඩ් ලකුණු 152ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 101ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 06ක් දවාගැනීමටයි සමත් වුණේ.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 260ක් පමණයි.

එහිදී කේ.එල් රාහුල් ලකුණු 84ක් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී පැට් කමිංග්ස් කඩුලු 04ක් බිඳහෙළීමටයි සමත් වුණේ.

ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 185ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 07ක් දැවි ලකුණු 89ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායමට පස්වන සහ අවසන් දින‌යේ පන්දුවාර 50ක් තුළ ලකුණු 275ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවි ලකුණු 08ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

Share This