හෙල්මට්වලින් පහරදී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය පොලිසිය යට ගහන්න හදලා

පාසල් සිසුවෙකුට හෙල්මට්වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. වයස අවුරුදු 15ත් 18ත් අතර පසුවන සැකකරුවන් අට දෙනෙකු ඊයේ (22) රාත්‍රියේ වෙලගෙදර පොලිස් වසමේ ඇරෑපොළ කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 16 වැනිදා වෙලගෙරද පොලිසිය විසින් සංවිධාන කළ අවුරුදු උත්සවයකට සහභාගී වූ ජෝසෆ් තිළිණ විරාජ් නමැති සිසුවාව සිසුන් 20 දෙනෙකු පමණ එක්ව එම ස්ථානයෙන් වෙනත් ස්ථානයට පැහැරගෙන ගොස් මාරාන්තික ලෙස පහරදී තිබේ.
ඉන් අනතුරුව සිහිමුර්ඡා වී ඇති සිසුවා ප්‍රතිකාර සඳහා පළමුව මාවතගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යවා ඇත. එම සිසුවා ඊයේ (22) දින මිය ගිය බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 16 වැනිදා වෙලගෙදර පොලිසියට පැමිණිලි කිරීමට ගිය ගිය අවස්ථාවේ දී එම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණිල්ල භාරගත නොහැකි බව පවසා ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කළහ.
ඉන් අනතුරුව රෝහල් පොලිසියෙන් වෙලගෙදර පොලිසියට කළ දැනුම්දීමකින් අනතුරුව පැමිණිල්ල භාර ගත් අතර, ඉන් අනතුරුව මේ සිද්ධියට අදාළ සිසුන් තිදෙනෙකු පමණක් එදින ඉන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. සෙසු සැකකරුවන් 17 දෙනාගේ දෙමාපියන් පොලිසියට කැඳවා ස්ථානාධිපතිවරයා කිසියම් රහස් සාකච්ඡාවක් සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.
ඒ සම්බන්ධයෙන් විමසීමට පොලිසියට ගිය අවස්ථාවේදී නීතිය ගැන තමා දන්නා බවත්, කළ යුතු හා නොකළ යුතු දෑ තමා විසින් පමණක් තීරණය කළ යුතු බවත් පවසා ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් පලවා හැර ඇත. මෙම වෙලගෙදර පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර බොහෝ අවස්ථාවලදී සෙකරලිය, ඇවන්පොළ වත්තේ තරුණයන් ව්‍යාජ පැමිණිලි වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම සිරිතක් කොටගෙන ඇති අයෙක් බවට ගම්වාසීහු චෝදනා කරති.
මිය ගිය දරුවාගේ නිවාස ප්‍රදේශයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා එම ජනතාව අමතා පවසා ඇත්තේ මේ ප්රශ්නය ගෙඩින් විසදාගැනීමට කටයුතු කිරීමට එකග වන ලෙසය. එයින් උරණ වූ ප්‍රදේශවාසීන් දැඩි ලෙස දොස් පවරා එම ස්ථානාධිපතිවරයාව එම ස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කර ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා මේ පරීක්ෂණ යට ගැසීම එම උත්සහ දරන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලමින් ප්‍රදේශවාසීන් කුරුණෑගල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලිපියක් යොමු කර තිබේ. එහි පිටපත් ආරක්ෂක අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, කිට්නන් සෙල්වරාජා, අම්භිකා සැමුවෙල්, ජීවන් තොණ්ඩමන් සහ සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් වෙත යොමු කර ඇත.
එමෙන්ම ජනතා විශ්වාසය අහිමි කරගෙන ඇති මේ පොලිස් ස්ථානාධිපතිවරයාව වහාම ස්ථාන මාරු කොට හෝ මේ පරීක්ෂණවලින් ඉවත් කළ යුතු බව ප්‍රදේශවාසීහු එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරති.