ඩච් ගුවන් සේවයට අයත් යානයක් අනතුරකට ලක් වෙයි
ඩච් එයාර් ලයින් සමාගම අයත් බෝයිං 737-800 වර්ගයේ යානයක් Oslo Torp Sandefjord ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරකට ලක්ව තිබෙනවා.
එම යානය හදිසි ගොඩබෑමකින් අනතුරුව මෙය සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම අවස්ථාව වනවිට පුද්ගලයින් 176 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු සිටියා.
KLM ගුවන් යානය ගොඩබෑමෙන් පසු ධාවන පථයෙන් ඉවතට පැන තණකොළ සහිත ප්‍රදේශයකට ලිස්සා ගොස් ඇති බව ද අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍යවල සඳහන්.
KL1204 ගුවන් යානය ඔස්ලෝ ගුවන් තොටුපලේ සිට කිලෝමීටර් 110 ක් පමණ දුරින් පිහිටි Sandefjord Torp වෙත හරවා යවා ඇත්තේ මීට පෙර ඔස්ලෝ නුවරින් පිටත්වීමෙන් අනතුරුවයි.
එම යානයේ හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් පවතින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එය Torp ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමටයි තීරණය කර ඇත්තේ.
අනතුර හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව ගුවන් සමාගම තහවුරු කර අත්තේ, හයිඩ්‍රොලික් ක්‍රියා විරහිත වීමට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා දැන් පරීක්ෂණයක් පවත්වයි.
මෙම අනතුර සිදුවන්නේ, දකුණු කොරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 179 දෙනෙකුට මරු කැඳවමින් තවත් බෝයිං 737-800 ජෙට් යානයක් අනතුරට ලක්ව ඇති පසුබිමකයි.