යෞවන සම්මාන කෙටි නාට්‍ය උළෙල නොමිලේ නැරඹීමට අවස්ථාවක්

යෞවන සම්මාන කෙටි නාට්‍ය උළෙල නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ජාතික තරුණ සේවා සභාව මඟින් පවත්වනු ලබන යෞවන සම්මාන කෙටි නාට්‍ය උළෙල ඊයේ (24) එල්ෆින්ස්ටන් රඟහලේ දී ආරම්භ වුණා.

ඒ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සමාරම්භක අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ,ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල්/සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ සහ සම්භාවනීය කලාකරුවන් රැසක් ද එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලාංකීය කලා කෙත දක්ෂ කලාකරුවන්ගෙන් අස්වැද්දීමට යෞවන සම්මාන කෙටි නාට්‍ය උළෙල මහඟු අවකාශයක් වන බවයි.

එමෙන්ම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම උදෙසා සංස්කෘතික ජීවිතයක ඇති අවශ්‍යතාවය පිළිබඳවත්, මෙරට කලාව ජාත්‍යන්තරයට රැගෙන යාමට ජාතික තරුණ සේවා සභාවට හැකි බවත්, ඒ සඳහා මැදිහත් වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ඊයේ ආරම්භ වූ කෙටි නාට්‍ය උළෙල එල්ෆින්ස්ටන් රඟහලේ දී එළඹෙන 26 සහ 27 යන දෙදින තුළ පැවැත්වෙන අතර දෙසැම්බර් 28,30,31 යන දිනවල ටවර් හෝල් රඟහලේ දී පැවත්වෙනු ඇති.

එමෙන්ම මෙම නාට්‍යයන් නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති බවයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Share This