විශේෂ කාර්ය බලකා විවාහක නිලධාරීන්ට නිල නිවාස සංකීර්ණයක්

මෙරට මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකා කාර්යභාරය අතිශය වැදගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසියේ පොලිසියේ විශේෂ කාර්ය බළකාය සඳහා වන කලපලුවාව නිල නිවාස විවාහක නිල නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද (24) එක්වෙමින්.
එමෙන්ම මෙම නිල නිවාස ලබාදීමේ ක්‍රියාවලිය මින් පෙර තිබුණාටත් වඩා කාර්යක්ෂමවත් විනිවිද පෙනෙන සුළු ආකාරයෙනුත් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කළා.