මහජන විමුක්ති හමුදාවේ නියෝජිතයෝ පිරිසක් පාත්ෆයින්ඩර් පදනම හමුවෙයි

මහජන විමුක්ති හමුදාවේ නියෝජිතයෝ පිරිසක් පාත්ෆයින්ඩර් පදනම හමුවෙයි

මහජන චීන සමූහාණ්ඩුවට අයත් මහජන විමුක්ති හමුදාවේ ඉහළම මට්ටමේ පර්යේෂණ ආයතනයේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් පාත්ෆයින්ඩර් පදනම මුණ ගැසී ද්වී පාර්ශවයිකව වැදගත් වන කරුණු ගණනාවක් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඛෙයිජිං හි ස්ථාපිත මහජන විමුක්ති හමුදාවේ, හමුදා නීති පද්ධති ආයතනයට සම්බන්ධ විද්‍යා ඇකඩමි පර්යේෂකයන් පිරිසක් වන මෙම නියෝජිතයන් පිරිසේ ප්‍රධානියා වශයෙන් එහි ජ්‍යෙශ්ට කර්නල් වැන්ග් යොනිකියොන් මහතා ක්‍රියා කරනු ලබනවා.

පාත්ෆයින්ඩර් පදනම මුලස්ථානය පිහිටි පෑලියගොඩ රිවර් පොයින්ට් හි දී මෙම පැවැති මෙම සාකච්ඡාවට එහි සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

අධ්‍යයන පර්යේෂණ නියෝජිතයන් සමග චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

2019 නොවැම්බර් මාසයේ දී මෙම ආයතනයේ දේශපාලන අංශ නියොජිත පිරිසක් මෙරටට පැමිණි අතර එහි දී ද පාත්ෆයින්ඩර් පදනම මුණ ගැසුණ බව බර්නාඩ් ගුණතිලක මහතා එහිදී සිහිපත් කළා.

දෙරට අතර පොදු උනන්දුවක් දක්වන විෂයයන් පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි පැති පිළිබඳ සොයාබැලීම මෙම සංචාරයේ අරමුණයි.

”එක තීරයක් එක මාවතක්” යන සංකල්පය අනුව චීන ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන හා එහි සංස්කෘතික පැති අධ්‍යයනය කර එකගතාවයක් ඇති කරගත හැකි මාතෘකා ගවේශණය කිරීමට ඇති හැකියාව ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

කොවිඩ් -19 වසංගත තත්ත්වයට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථීක අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ සඳහා ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව යනන රටවල් ත්‍රෙපාර්ශවයික මුහුණුවරකින් අනුගමනය කළ පියවර පිළිබඳ මෙහි දී ගුණතිලක මහතා කරුණු දැක්වූවා.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව අරමුණු කරගෙන ඇතිකරන ලද විද්වත් සංවාද මණ්ඩපවල ක්‍රියාකාරීත්වය හා ඉන්දියන් සාගරය ආශ්‍රිත කරුණු කෙරෙහි චීනයේ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

දෙරට අතර සුහදතාවය තරකරන ඒකාබද්ධ විද්වත් ශාස්ත්‍රීය සංග්‍රහයක් සකස් කොට එය එළිදැක්වීමට මෙහි දී එකග වූ බවයි පාත්ෆයින්ඩර් පදනම නිවේදනය කළේ.

Share This