මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක්
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු සහ යාත්‍රා 03ක් අද (26) අලුයම නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, තලෙයිමන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දීයි.
ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළා.