බිත්තර සහ කුකුළු මස් සාධාරණ මිලකට
පාරිභෝගිකයන්ට බිත්තර සහ කුකුළු මස් සාධාරණ මිලකට මිලදී ගැනීමට අවස්ථාව සැලසී ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, පසුගිය සමයේ රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.
මේ වන විට බිත්තර සිල්ලර වෙළඳපොළේ රුපියල් 25 – 28 අතර මුදලකට ඇති අතර සම සහිත ශීත කළ කුකුළු මස් රුපියල් 900ක මුදලකටත් සම රහිත කුකුළු මස් රුපියල් 1000ක මුදලකටත් ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.