ඔස්කාර් එක්ක ඉතිහාසගත වීමට සැරසෙන, Karla Sofía Gascón
ස්පාඤ්ඤ නිළි කාර්ලා සොෆියා ගැස්කොන් (Karla Sofía Gascón) 97 වන ඇකඩමි සම්මාන උළෙල සමඟ ඉතිහාසගත වීමට සූදානම් වනවා.
ඒ, ‘එමිලියා පෙරෙස්’ (Emilia Pérez) තාරකාව වන කාර්ලා, 2025 ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා නාමයෝජනා ලැබීමත් සමඟයි.
කාර්ලා මෙලෙස ඉතිහාසගත වන්නේ, හොඳම නිළිය වෙනුවෙන් ඇකඩමි සම්මානයක් සඳහා නම් කරන ලද පළමු විවෘත සංක්රාන්ති ලිංගික රංගන ශිල්පිනිය බවට පත්වෙමිනුයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදයේ සංක්රාන්ති ලිංගික අයිතිවාසිකම් බෙහෙවින් දේශපාලනීකරණය වූ ගැටලුවක් බවට පත්ව ඇති මොහොතක මෙම නිර්දේශය වඩාත් කැපී පෙනෙන බවයි.
කාර්ලා මීට ඉහත Cannes චිත්රපට උළෙලේදී හොඳම නිළිය සම්මානය දිනාගත් පළමු සංක්රාන්ති ලිංගික කාන්තාව බවට ද පත්වුණා. එම සම්මානය ඇගේ කණ්ඩායම සමඟ බෙදාගත් සම්මානයක් ලෙසයි කතාබහට ලක්වූයේ.
කෙසේ නමුත් ඇකඩමියෙන් පිළිගැනීමක් ලැබූ එකම සංක්රාන්ති ලිංගික රංගන ශිල්පිනිය ඇය නොවේ.
2016 දී හොඳම ගීතය සඳහා ගායිකා ඇනෝනි නම් කිරීම, අධ්යක්ෂ යැන්සි ෆෝඩ් 2018 දී හොඳම වාර්තාමය විශේෂාංගය සඳහා නම් කිරීම ඊට උදාහරණ ලෙස පෙන්වාදිය හැකියි.