කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉහළ අගයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්රදර්ශනය කර තිබෙනවා.
එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,828.80 ක් බවට පත්වූ බවයි එම වෙළෙඳපොල සඳහන් කළේ.
ඒකක 16,828.80 ක් ලෙස සටහන් වූ මෙම සියලු කොටස් මිල දර්ශක අගය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම අගය බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.66 ක් ලෙස අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සටහන්ව තිබෙනවා.