ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම 27 වනදා
අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම ලබන 27 වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
මෙම නඩුකරය අද (22) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින්ම මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන්.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ආගමන හා විගමන පාලකවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.