ආපදා මරණ වන්දි මුදල ඉහළට

ආපදා මරණ වන්දි මුදල ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක පවුල් 5,821කට අයත් පුද්ගලයින් 19,032 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇති  බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 30ක් වෙන් කර තිබෙනවා.

මිය යන පුද්ගලයෙක් සඳහා ගෙවනු ලබන වන්දි මුදල ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

Share This