ඕමාන් රාජ්‍යයේ රස්සා හොයන අයට විශේෂ දැනුම්දීමක්
සංචාරක වීසා හරහා ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් සිදු කරනවා.
ඒ, එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින්.
සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි වනවා.
එම වීසා උපයෝගි කොටගෙන එය රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම ඕමාන් රාජ්‍යයේ නීත්‍යානුකූල රැකියා ලබා ගැනීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන ලද නියාමනය කරන ලද මාර්ග සහ මාර්ගෝපදේශ පමණක් භාවිතා කරන ලෙසයි, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
දෙරටේම අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් නොතකා, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට පැමිණ අතරමං වන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.
ඕමාන් රාජ්‍යයේ රාජකීය ඕමාන් පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි, 2023 ඔක්තෝබර් 31 දින සිට සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කිරීම අත්හිටුවීම බලාත්මක වන බව සඳහන්.
ඒ හේතුවෙන් රැකියා අපේක්ෂකයින් සංචාරක වීසා මගින් ඕමානයට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.
තවද, දැනටමත් ඕමාන් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ වීසා කාලය අවසන් වීමට පෙර රටින් පිටවන ලෙසයි තානාපති කාර්යාලය මෙයින් නැවත වරක් උපදෙස් ලබාදී ඇත්තේ.
නියමිත කාලය ඉක්මවා රැදී සිටීමේ දී, අදාළ ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් පිටවීමට පෙර ඕමාන් රාජ්‍යයේ අදාළ බලධාරීන් විසින් පනවනු ලබන අමතර රැදී සිටීමේ ගාස්තු ගෙවීමට යටත් වීමට සිදුවන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.