අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්
බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ඒ, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.
පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන සංවර්ධන නිලධාරින් විසින් මෙම උද්ඝෝෂණය සංවිධනා කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
තමන්ව ගුරුසේවයට අනුයුකුත් කර සේවයේ ස්ථිර කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.
පාසල් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය වෛද්‍ය මධුර සේනාරත්න මහතා අතර පැවැත්වුණා.
එහිදී එම නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ලේකම්වරයා පොරොන්දු වූ බව සඳහන්.
එමෙන් ම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බවටයි එහිදී අදහස් පළ කර ඇත්තේ.