ජනමාධ්‍ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක්
මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.
පසුගිය රජයන් කිහිපයක්ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහ ගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුවා.
ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම ආයතනය ස්ථාපිත කිරීම අමාත්‍යංශයේ අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, ඒ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන්ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන්ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ද ලැබෙන බව ඔහු පැවසුවා.
ජනමාධ්‍යවේදීන්ට සිය නිදහස, ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කරදීමත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අරමුණ කර ගනිමින් වසර පනහක් පමණ පැරණි 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත නව සන්නිවේදන ප්රවනතාවයන්ට යෝග්‍ය පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුනා.
ජනමාධ්‍යවේදීන් සදහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක වූවත්, වර්තමානය වනවිට එහි යම් යම් සංශෝධන සිදුවිය යුතු බව පෙනී ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
මෙරට තුළ නීතිගරුක, මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරගත් පරිපූර්ණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි ජනමාධ්‍යවේදීන් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යයන කටයුතු, සුභසාධනය, වෘත්තීය නිපුණත්වය ඉහළ දැමීම ආදී ක්ෂේත්‍ර සදහා විවිධ වැඩසටහන් දීප ව්‍යාප්තව සංවිධානය කළයුතු ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්.
විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස මෙහි දී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම දැනටමත් පුවත්පත් මණ්ඩලය පාසල් දරුවන්ට හා සන්නිවේදන විෂයට ලැදියාවක් දක්වන්නන් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන විශේෂ වැඩමුළු මාලාව ද මනා සංවිධාන ව්‍යුහයක් යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තිරණය කරනු ලැබුවා.