මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක ගින්නක්

මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක ගින්නක්

මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක (ලයින් කාමර පේලියක) 17වන දින රාත්‍රි හටගත් ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට පත්ව තිබෙනවා.

17වන දින රාත්‍රි 11.45ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් විනාශයට පත්වු ලයින් කාමර 08 පදිංචිව සිටි 17 දෙනකු අවතැන්ව ඇති බව සඳහන්.
මේ වන විට එම පිරිස එම වතුයායේ පුස්ථකාලයේ තාවකාලිකව නතර කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙම වතු නිවාස පේලියේ වතු නිවාස 12ක් ඇති අතර එයින් වතු නිවාස 08කටයි මෙම ගින්නෙන් හානි සිදුව ඇත්තේ.

ගින්න හටගත් අවස්ථාවේදි මස්කෙළිය පොලීසිය සහ එම වතුයායේ පිරිස් එක්ව මෙම ගින්න නිවා දැමිමට පියවර ගෙන තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි සැක කරන බවත් මේ පිලිබදව මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන්.

තොරතුරු දික්ඔය එස්. එම්. ඩි. රජිත

Share This