දැනෙන ගාණකින් විදුලිය ගාස්තු අඩු කරයි

දැනෙන ගාණකින් විදුලිය ගාස්තු අඩු කරයි

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු සියයට 20කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ බව ප්‍රකාශ කළා.

මෙම ගාස්තු සංශෝධනය ඉදිරි මාස හයක කාලයක් සඳහා වලංගු වනු ඇති.

මෙම සංශෝධනයට අනුව මාසික ගාස්තුව මෙන්ම කාණ්ඩ ගාස්තුව ද සියයට 20කින් අඩු වන බව සඳහන්.

පොදු කාර්ය සඳහා වන විදුලිය ගාස්තු සියයට 12කින්, රාජ්‍ය ආයතන සඳහා වන ගාස්තුව සියයට 11ක් අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

හෝටල් සඳහා සියයට 31කින්, කර්මාන්ත සඳහා සියයට 30කින්, ආගමික ස්ථාන සඳහා සියයට 21කින්, වීථි ලාම්පු සඳහා සියයට 11කින් විදුලිය ගාස්තු අඩු කෙරුණු ඇති.

Share This