බස් රථයකදී පිහි ඇනුමකින් පිරිමි ළමයෙකු ඝාතනය කරලා

බස් රථයකදී පිහි ඇනුමකින් පිරිමි ළමයෙකු ඝාතනය කරලා

ලන්ඩන් බස් රථයකදී මාරාන්තික ලෙස පිහියෙන් ඇන 14 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යෞවනයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

ජනවාරි 7 වන දින වුල්විච්හිදී සිදුව ඇති මෙම පහරදීමෙන් ටික වේලාවකට පසු කෙලියන් බොකාසා නම් මෙම පිරිමි ළමයා මිය ගිය බවයි නිලධාරීන් පවසා ඇත්තේ.

ඝාතනයට අදාලව වුල්විච්හි 15 හැවිරිදි පිරිමි ළමයෙකුට සහ ප්ලම්ස්ටෙඩ්හි 16 හැවිරිදි පිරිමි ළමයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පසුව බ්‍රොම්ලි මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවයි මෙට්‍රොපොලිටන් පොලීසිය පවසන්නේ.

වැරදිකරුවෙකුට සහාය වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 44 හැවිරිදි කාන්තාවක් විමර්ශනය යටතේ නිදහස් කර ඇති බවත් සඳහන්.

වුල්විච් පල්ලිය වීදියේ බස් රථයක මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණ සුළු කාලයකට පසුව සිසුවා මරණයට පත්ව තිබෙනවා. ඔහුගේ ඔහුගේ පවුලට විශේෂඥ නිලධාරීන්ගේ සහාය ලබාදෙන බව පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් වැඩිදුරටත් පවසනවා

Share This