ඉන්දියාව ඓතිහාසික අභ්‍යවකාශ පරීක්ෂණයක් සාර්ථකව පවත්වයි

ඉන්දියාව ඓතිහාසික අභ්‍යවකාශ පරීක්ෂණයක් සාර්ථකව පවත්වයි

ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ, ප්‍රථම වරට අභ්‍යවකාශයේ කුඩා යාත්‍රා දෙකක් එකට එකතු කිරීමෙන් අභ්‍යවකාශ එක් කිරීම සාර්ථකව සිදු කර තිබෙනවා.

මෙම තාක්ෂණය ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා පුද්ගලයෙකු සඳ මතට යැවීමේ රටේ අනාගත අභිලාෂය සඳහා අත්‍යවශ්‍ය වන්නක්.

SpaDeX ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම දෙසැම්බර් 30 වන දිනයි දකුණු ඉන්දියාවේ ශ්‍රීහාරිකොටා දියත් කිරීමේ ස්ථානයෙන් අභ්‍යාවකාශය බලා ගොස් ඇත්තේ.

එම තනි රොකට්ටුවක අභ්‍යවකාශයේ දී වෙන් වී නැවතත් අභ්‍යවකාශයේ දීම එක්ව තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනයට පසුව එවැනි තාක්ෂණයක් ඇති ලෝකයේ සිව්වන රට බවට ඉන්දියාව පත්වීම විශේෂත්වයක්.

ඉන්දීය අභ්‍යවකාශ ඉතිහාසය නැවත නිර්මාණය කරමින් විද්‍යාඥයින් මෙම පරීක්ෂණය සිදු කරන විට අගමැති නරේන්ද්‍ර මෝදි බැංගලෝරයේ ඉස්රෝ කාර්යාලයේ රැඳී සිටි බව සඳහන්.

ඉදිරි වසරවල ඉන්දියාවේ අභිලාෂකාමී අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා එය සැලකිය යුතු පියවරක් බවයි ඔහු පසුව X හි සටහන් කර ඇත්තේ.

Share This