කොළඹ කොටස් වෙළෙඳපොලේ කැපීපෙනෙන ඉහළ යාමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර තිබුණා.
ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් තිබෙනවා.
එය ඒකක 16,152.35ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන්ව තිබුණා.
ඒ අනුව අද රුපියල් බිලියන 4.44 ක ගණුදෙනු පිරිවැටුමක් වාර්තා වුණා.