ඔබ දකින ‘රාණි’ සිනමා පෝස්ටරය ඔබම නිර්මාණය කරන්න

ඔබ දකින ‘රාණි’ සිනමා පෝස්ටරය ඔබම නිර්මාණය කරන්න

කාලෙකට පස්සෙ සිංහල සිනමා සිත්තමක් ගැන ලාංකීය සිනමා රසවතුන් අතර දැඩි කුතුහලයක්, නොඉවසිලිමත් බවක් හටගෙන.

චිත්‍රපටය එනකල් මඟ බලාගෙන ඉන්න තැනට ඇවිත්.

ඒ වෙන කිසිවක් නෙවෙයි, ශ්‍රී ලාංකේය සිනමාවට සිය අභිමානවත් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජාත්‍යන්තර සිනමා සන්නාමය ‘Lyca Productions‘ ඔබ වෙත ගෙනෙන ‘රාණි‘ සිනමා සිත්තම ගැන.

ඇගේ ඇස අග, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, ඇල්බොරාදා, ඉනි අවන් වැනි මතභේදාත්මක සමාජීය වශයෙන් දැඩි කතාබහක් නිර්මාණය කළ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ගේ තවත් එක් සුවිශේෂී කලා කෘතියකි, “රාණි”

චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ඇරඹෙන්නෙ, ජනවාරි 30 වැනිදා.

එලෙස තිරගත වීමට නියමිත වසරේ දැවැන්තම සිනමා අත්දැකීමට පෙරාතුව, සිනමාලෝලීන් අතර ඇතිව තිබෙන උද්‍යෝගය නිසාම සුවිශේෂී කටයුත්තක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා.

ඒ තමයි ‘𝑹𝒆𝒊𝒎𝒂𝒈𝒊𝒏𝒆 රාණි’

එතැනදී, ඔබ දකින ‘රාණි’ සිනමා පෝස්ටරය ඔබට ම නිර්මාණය කිරීමේ අවකාශය ලැබෙනවා. නිකන් නෙවෙයි, ඒ වෙනුවෙන් ජයග්‍රාහී ඔබට සුවිශේෂී ඇගයීමකුත් ලැබීමට නියමිතයි.

මේ මොහොත වන විටත්, ඊට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමිනුයි පවතින්නෙ.

‘රාණි’ චිත්‍රපට කණ්ඩායම සමග එක්ව, සිනෙමාවේදින් සමූහය විසින් පවත්වනු ලබන 𝐅𝐚𝐧-𝐦𝐚𝐝𝐞 𝐏𝐨𝐬𝐭𝐞𝐫 𝐃𝐞𝐬𝐢𝐠𝐧 තරගයයි මේ.

ඉතින්, තවමත් ඔබේ ‘රාණි’ පෝස්ටරය නිර්මාණය වෙලා නැත්නම්, ලැබුණු අවස්ථාවෙන් ඵලදායීව ප්‍රයෝජන ගන්නා හැටියට කෙරෙන ආරාධනයයි මේ….

𝑹𝒆𝒊𝒎𝒂𝒈𝒊𝒏𝒆 රාණි

ඔබ දකින ‘රාණි’ සිනමා පෝස්ටරය ඔබම නිර්මාණය කරන්න.

‘රාණි’ චිත්‍රපට කණ්ඩායම සමග එක්ව, සිනෙමාවේදින් සමූහය විසින් පවත්වනු ලබන 𝐅𝐚𝐧-𝐦𝐚𝐝𝐞 𝐏𝐨𝐬𝐭𝐞𝐫 𝐃𝐞𝐬𝐢𝐠𝐧 තරගය මෙලෙස එළිදැක්වේ. එහි නීති රීති පහත පරිදි වේ.

1. 𝐏𝐨𝐬𝐭𝐞𝐫 නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන 𝐀𝐬𝐬𝐞𝐭𝐬 තරගකරුවන් වෙත ‘රාණි’ චිත්‍රපට කණ්ඩායම විසින් ලබා දෙනු ඇත.

2. සිදුකරන සියළුම නිර්මාණ 𝟐𝟎𝟐𝟓 ජනවාරි මස 𝟐𝟔 වන දිනට ප්‍රථම සිනමාවේදීන් – The Cinema People සමූහයේ පළ කළ යුතු අතර ඉන් පසු පළකරනු ලබන නිර්මාණ තරගය සඳහා සුදුසුකම් නොලබයි.

3. ඔබේ නිර්මාණය සමූහයෙහි පළ කරන විට “#Rani, #FanMadePosterRani සහ #Cinemavedin” යන 𝑯𝒂𝒔𝒉𝒕𝒂𝒈𝒔 භාවිතා කිරීම අනිවාර්‍ය වන අතර එසේ නොවන නිර්මාණ ජයග්‍රාහකයින් තේරීමේදී සලකා බලනු නොලැබේ.

4. ජයග්‍රාහී ⁠නිර්මාණ 02 ක් තෝරාගන්නා අතර, නිර්මාණ තෝරාගැනීම 05 දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් මගින් සිදුකරනු ඇත. ‘රාණි’ චිත්‍රපට කණ්ඩායම සහ ‘සිනෙමාවේදීන්’ කණ්ඩායමේ මැදිහත්වීමෙන් විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත්කරනු ලැබේ.

5. ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කිරීම ජනවාරි මස 29 වන දින සිදුකරන අතර ජයග්‍රාහකයන් දෙදෙනෙකු හට ත්‍යාග මුදල් සහ ලබාදෙන අතර ‘රාණි’ චිත්‍රපට මංගල දර්ශනය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර 02 ක් ද සමගින් එදින උළෙලේ දී විශේෂ ත්‍යාගයක් ද සමගින් තෑගි මුදල් ලබාදෙනු ඇත.

වැඩි විස්තර Lyca Productions Lanka ෆේස්බුක් පිටුවෙන්

Share This