බෝකුන්දර අනතුරක්
ද්විත්ව විදුලි පහන් කණුවක් කැඩී වෙන්ව යයි
ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලයට අයත් පිළියන්දල මිරිස්වත්ත සැපයුම් අංශයට අයත් ලොරියක් අද (15) අළුයම පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර ප්රදේශයේදී අනතුරට පත්වීමෙන් බරපතළ අලාභ හානි සිදුව ඇති බව පිළියන්දල පොලීසිය පවසනවා.
එම අනතුරින් රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිදුවූ අනතුරින් ද්විත්ව විදුලි පහන් කණුව තිබු ස්ථානයෙන් කැඩී වෙන්ව ඇති අතර ලොරියේ ඉදිරිපස කොටසට බරපතළ අලාභ සිදුව තිබෙනවා.
රියැදුරු පිළියන්දල දෙස සිට කොළඹ දිසාවට ලොරිය ධාවනය කිරීමේදී පාලනය කරගත නොහැකිව ගැටී එම ස්ථානයේ ස්ථාපිත කර තිබෙන ද්විත්ව විදුලි පහන් කණුවේ ගැටී ලොරිය පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
රියැදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළකරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.