ඉන්දුනීසියාවත් සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස් සීමාවක් ගෙන එයි
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සඳහා අවම වයස් සීමාවක් නියම කිරීමට ඉන්දුනීසියා පියවර ගනිමින් සිටිනවා.
එය දරුවන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් පියවරක් බවයි එහි සන්නිවේදන අමාත්‍යවරයා පවසන්නේ.
මේ සඳහා නියාමනයක් නිකුත් කිරීමට අදාල අංශ සමගින් සාකච්ඡා කරන බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.
වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණයෙන් පසුව මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉන්දුනීසියාව කටයුතු කරන බව සඳහන්.
සමාජ මාධ්‍ය වෙත පිවිසිය හැකි ඉන්දුනීසියාවේ අවම වයස කොපමණ දැයි අමාත්‍යවරිය ප්‍රකාශ කර නැතත්, ඩිජිටල් අවකාශය තුළ දරුවන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝජනා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි සන්නිවේදන අමාත්‍ය මියුටියා හෆීඩ් ප්‍රකාශ කළේ.