තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (14) පෙරවරු 06.00ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (15) පෙරවරු 06.00 දක්වා බලාත්මක වනු ඇති.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව එහි දක්වා තිබෙනවා.
මේ පිළිබඳ සිය අවධානය යොමුකරන ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේ.