ජනප්‍රිය නිවුන් සහෝදරියන්ගේ රංගනය ගැන පැරණි පෙම්වතා සියල්ල වමාරයි: ”මෙයාලා කරන්නෙ, ගෑනු බව පාවිච්චි කරලා අඬලා දොඬලා සම්බන්ධතා පාවිච්චි කරලා පැමිණිලි කරන එක…”

ජනප්‍රිය නිවුන් සහෝදරියන්ගේ රංගනය ගැන පැරණි පෙම්වතා සියල්ල වමාරයි: ”මෙයාලා කරන්නෙ, ගෑනු බව පාවිච්චි කරලා අඬලා දොඬලා සම්බන්ධතා පාවිච්චි කරලා පැමිණිලි කරන එක…”

සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය නිවුන් සහෝදරියන් දෙපළක් වන අනූ සහ කනූ දෙපළ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ, ඔවුන්ගේ නම් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන්.

ඉන් අනතුරුව ඉතා සංවේදී වෙමින් එම සහෝදරියන් මාධ්‍ය වෙත අදහස් ද පළකර සිටියා.

කෙසේ නමුත් ඉන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලසන්ත ලියනගේ නොහොත් ‘ලසා’ සඳහන් කර සිටියේ, අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ලව ඇත්තේ තමන් වෙත වන බවයි.

ඒ අනුව ඊට අදාළ නීතිමය කටයුතු උදෙසා, ඊයේ (26) ඔහු CID වෙත ගොස් තිබුණා.

අනතුරුව අදාළ සිදුවීමේ මුල, මැද, අග ගළපමින් අතීත සිදුවීම් ද අලලා ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.

ලසන්ත ලියනගේ එහිදී අවධාරණය කර සිටියේ තමාට එල්ල වන මෙම චෝදනා පදනම් විරහිත ඒවා වන බවත්, එම චෝදනාවන් මීට ඉහත සිය වාහනයක් සම්බන්ධ සිදුවීමෙහි ම දිගුවක් වන බවයි.

එමෙන්ම, නව පාලනය යටතේ නීතිමය සාධාරණය ඉටුවේ යැයි තමන් විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සම්පූර්ණ වීඩියෝව පහතින්….

Share This