බලපත්ර නොමැතිව රජයේ මත්පැන් මුදලට විකුණු දෙදෙනෙක් කොටු
බලපත්ර නොමැතිව රජයේ අනුමත මත්පැන් මුදලට අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව පොලිස් වසමේ බැඳිවැව ප්රදේශයේදී යි.
පසුගියදා (11) පොලිස් විශේෂ කාර්ය බලකා අරලගංවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
එක් සැකකරුවෙකු බලපත්ර නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 08ක් හා බියර් කෑන් 12ක් මුදලට අලෙවි කර තිබෙනවා.
ඔහු 28 හැවිරිදි බකමූණ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනෙක් සැකකරු බලපත්ර නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 35ක් මුදලට අලෙවි කර තිබෙනවා.
ඔහු 31 හැවිරිදි විහාරගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව සුරාබදු කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.