දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හේතුව මෙන්න

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හේතුව මෙන්න

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  මේ වනවිට බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඒ, එම රෝහලේ ප්‍රතිකාර අවසන් කිරීමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, ආර්.දුමින්ද සිල්වා සිරකරු ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර් දේශ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලැබූ බවයි.

එම ප්‍රථිකාර තවදුරටත් ලබා දිය යුතුද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේන් ලිඛිතව සිදු කළ විමසීමකට අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 18 යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කළ බව සඳහන්.

එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව මෙම සිරකරු  තවදුරටත් බන්ධනාගාර රෝහල තුල හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රථිකාර ලබා දීම අවශ්‍ය නොවන බවත් හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රථිකාර ලබා දෙන ලෙසත් බන්ධනාාර දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව සඳහන්.

ඒ අනුව, මෙම සිරකරු 2025.01.10 වන දින බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැදවීමට කටයුතු කර ඇති බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එහි රඳවා සිටින අවස්ථවේ දී හදිසියේ ඇති වු සංකූලතාවයක් අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව 2025.01.11 පෙරවරු 02.00ට පමණ කොළඹ ජාතික රෝහලට ප්‍රථිකාර සදහා යොමු කරනු ලැබුවා.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර නැවත 2025.01.12 වන දින බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බව සඳහන්.

සිරකරුගේ ප්‍රථිකාර අවසන් බැවින් නැවත වැලිකඩ රෝහලට ඇතුළත් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විමසීමක් සිදු කර තිබුණා.

ඒ අනුව සිරකරුට වෛද්‍ය ප්‍රථිකාර තවදුරටත් ලබා දිය යුතු බවත්, ඉදිරි ප්‍රථිකාර සම්බන්ධව 2025.01.15 දින දැනුම් දෙන බවත් බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා දැනුම්දී ඇති බව සඳහන්.

Share This