දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ බව කියන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දීනය බෞද්ධයින්ට වඩා වැදගත් වනවා.
බුදුන් වහන්සේ ලක්දිව මහියංගනය ප්‍රදේශයේ මහානාග නම් ප්‍රදේශයට වැඩම කර යක්ෂ නාග ගෝත්‍රිකයන් දමනය කර සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ජනතාවට වන්දනමාන කිරීම සඳහා උන්වහන්සේගේ කේෂ ධාතූ මිටක් ලබා ලබා දුන් බවත් සඳහන්.
එම ධාතු නිදන් කොට මහියංගණ චෛත්‍ය ඉදිකර ඇති බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.
උරුවෙල් දනව්වට වැඩම කොට තුන්බෑ ජඨිලයන් දමනය කිරීමද බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කිරීම ද දුරුදු පොහොය දිනක සිදුව ඇති බව දැක්වෙනවා.
මේ අතර, බුදුන් වහන්සේ පළමු ලංකාගමනය සිහිපත් කරමින් කෙරෙන කැලනිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර ඊයේ රාත්‍රියේ මහත් හරසරින් වීථි සංචාරය කළා.
මෙවර අමාදහර විශේෂ පෝදා වැඩසටහන ගැටබරුව රාජමහා විහාරයේ සිට සජීවීව විකාශය කෙරෙනවා.