බර ඉසලීමේ තරගවල නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් ගුවන් හමුදාවට

බර ඉසලීමේ තරගවල නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් ගුවන් හමුදාවට

කිලෝග්‍රෑම් 89 බර කාණ්ඩයේ බර ඉසලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගුවන් හමුදාවේ රුචිර ජයසේන සමත් වුණා.

ඒ, කොළඹ  ටොරිංටන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති  ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ බර ඉසිලීමේ ඉසව්වේදීයි.

එ‍හිදී රුචිර ජයසේන විසින් කිලෝග්‍රෑම් 135ක බරක් ඔසවා එම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්.

එමෙන්ම ගුවන් හමුදා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 45 බර පන්තියේ තරග වැදුණු  මදුෂිකා ප්‍රේමරත්න ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා.

එහිදී ඇය විසින් එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 66ක්.

මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම  රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ සමස්ථ ශුරතාවය දිනා ගත් බව සඳහන්.

ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ පිරිමි අංශයේ අනුශූරතාවය දිනා ගත්තා.

මෙම තරගාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කොප්‍රල් හංසනී ගෝමස් ක්‍රිඩිකාව සමත් වුණා.

Share This