අලුත් දිවුල්වැවේ ජල කාන්දුව තවමත්
ගලෙන්බිඳුනුවැව, අලුත් දිවුල්වැව ආශ්රිත ප්රදේශයේ ජීවත්වන පවුල් 30ක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා.
ඒ , වැව් බැම්මේ හටගත් සිදුරකින් ජලය කාන්දුවීමත් සමඟ ඇතිවු අවධානම හේතුවෙන්.
යුද හමුදාවේ මැදිහත්වීමෙන් වැව් බැම්මේ සිදුර ආවරණය සඳහා මේ වනවිටත් වැලි කොට්ට අතුරමින් සිටින බව ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය ලේකම් සේනක වීරසිංහ මහතා සඳහන් කළා.
මේ වන විට වැවේ ජල ධාරිතාව අක්කර අඩි 7000 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ප්රාදේශීය ලේකම්වරයා පැවසුවේ.