T20 ලෝක කුසලානයට, 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
2025 ICC U19 කාන්තා T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම අද (11) මැලේසියාව බලා පිටත් වුණා.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර හට හිමිව ඇති අතර, උප නායකත්වය දරනු ලබන්නේ මාතර අනුර විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්දි විසිනි.
ජනවාරි 18 වැනිදා සිට ආරම්භ කෙරෙන තරගාවලිය කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතයි. ඒ දින 16 ක කාලයක් තුළ තරඟ 41 ක් වන පරිද්දෙනි.
තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක මැලේසියාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් සමඟ ‘A’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇති.
එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය සහ ඇමරිකා එක්සත් ජනපදය B කාණ්ඩය යටතේ ද නවසීලන්තය, දකුණු අප්‍රිකාව, නයිජීරියාව සහ සැමෝවා C කාණ්ඩය යටතේ ද ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නේපාලය සහ ස්කොට්ලන්තය D කාණ්ඩය යටතේ ද තරග කිරීමට නියමිතයි.
2025 ICC U19 කාන්තා T20 ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ, එහි දෙවන සංස්කරණය ලෙසයි.
2023 දී දකුණු අප්‍රිකාවේ පැවති සමාරම්භක ජයග්‍රහණය ලැබීමෙන් පසු මෙහි වත්මන් ශූරයන් බවට පත්ව සිටින්නේ අසල්වැසි ඉන්දියාවයි.
ශ්‍රී ලංකා සංචිතය පහතින් |
මනුදි නානායක්කාර (මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය)
රශ්මිකා සෙව්වන්දි (මාතර අනුර විද්‍යාලය)
විමෝක්ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල විද්‍යාලය)
හිරුණි හංසිකා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
දැහැමි සනුත්මා (නුගේගොඩ අනුලා විද්‍යාලය)
රශ්මි නේත්‍රාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
සශිනි ගිම්හානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
අශේනි තලගුණේ (මහනුවර මහාමායා විද්‍යාලය)
ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය)
චමෝදි ප්‍රබෝදා (මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලය)
සංජනා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)
ලිමංසා තිලකරත්න
ශෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
අතිරේක – නෙතඟි ඉසුරාංජලී