කැනේඩියානු අගමැති වෙනුවට නව නායකයෙක්

කැනේඩියානු අගමැති වෙනුවට නව නායකයෙක්

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ ලිබරල් පක්ෂය 2025 මැතිවරණයට පෙර මාර්තු 9 වන දින නව නායකයෙකු තෝරා ගන්නා බව පවසනවා.
මේ වන විට පක්ෂය ඉතා දුර්වල තත්වයක පසුවන බව මත විමසුම්වලින් පෙනී යන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
තම පක්ෂ ක්‍රියකාරීන්ගේ බලපෑම්වලට හිස නමමින් ඉදිරි මාස කිහිපය තුළ තමන් ඉල්ලා අස්වන බව අගමැතිවරයා සඳුදා නිවේදනය කළා.
ඒ වසර නවයක් බලයේ සිටීමෙන් අනතුරුවයි.

නමුත් පක්ෂය නව නායකයෙකු තෝරා ගන්නා තෙක් අගමැති ධූරයේ සහ ලිබරල් නායකයා යන දෙඅංශයෙන්ම රැඳී සිටින බව ටෲඩෝ පවසා තිබෙනවා.
කැනඩාවේ ලිබරල් පක්ෂය මාර්තු 9 වන දින නව නායකයෙකු තෝරා ගනු ඇති බවයි ඔවුන් එහිදී සඳහන් කළේ.
බොහෝ දුරට කැනඩා අග්‍රමාත්‍ය ධූරයට කාන්තාවක් පත් වනු ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය පවසනවා.

Share This