ඇෆ්ගනිස්ථානය එක්ක ක්‍රීඩා නොකරන ලෙසට දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්
අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සමඟ තරග නොකරන ලෙසට දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එරට ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකේසි ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ, ඇෆ්ගනිස්ථානයේ පවතින තලෛබාන් පාලනය විසින් කාන්තාවට එරෙහිව සිදු කරන ක්‍රියාවන්ට විරෝධය පළ කරමින්.
මේ සම්බන්ධයෙන් සෙසු රටවල් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ඊට එකඟ වනු ඇති බවයි, ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ තරගයට ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තරගය තමන්ට සතු වගකීමක් නොවන බවට එරට ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකේසි ප්‍රකාශ කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල සඳහන්.
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය පෙබරවාරි 21 වැනිදා කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි.