මල්වතු ඔය ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර තත්ත්වයක්: විමසිලිමත් වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

මල්වතු ඔය ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර තත්ත්වයක්: විමසිලිමත් වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

මල්වතු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට අද (27) පෙරවරු 5.30 සිට ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුරාධපුර, වවුනියා හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, වවුනියා දිස්ත්‍රික්කයේ වෙන්ගලචේඩිකුලම්, මන්නාරම දිස්ත්‍රික්කයේ නනඩ්ඩාන්, මූසාලෛ සහ මඩු යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනයා මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි.

Share This