අල්ලස් කොමිසමට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (10) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මීට පෙර කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් සේවය කරන ලද මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න මහතා 2024.10.07 වැනි දින අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පනතේ 25 (2) වගන්තිය ප්‍රකාරව අධ්යක්ෂ ජනරාල් ධුරයේ බලතල, කර්තව්‍යය ඉටු කිරීම සඳහා කොමිෂන් සභාවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.උඩවෙල මහත්මියනව අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කරන තෙක් 2024.10.10 සිට පත් කර තිබුණා.