දකුණු කොරියාවේ ජනපති අත්අඩංගුවට ගැනීමේ දෙවන සහ අවසන් උත්සාහයක්
ආරක්ෂක අවහිරයක් බිඳ දමා දෝෂාභියෝගයට ලක් වූ නායකයා අත්අඩංගුවට ගැනීමට දෙවන සහ අවසන් උත්සහය ක්රියාතමක්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.
යූන්ගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්රියාත්මක කරන අතරතුර පුරවැසියන්ට සිදුවන ඕනෑම හානියක් හෝ රජයේ ආයතන අතර භෞතික ගැටුමක් වළක්වා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙසයි වැඩබලන ජනාධිපති චෝයි සං-මොක් බදාදා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා නැවත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු, සටන්කාමී යූන්ට සහාය දක්වන සහ විරුද්ධ වන විරෝධතාකරුවන් අද ජනාධිපති සංකීර්ණය වටා වීදිවල පෙළපාලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අධික සීතලක් කොරියාව පුරා ඇති පසුබිමකයි.
කොරියාවේ බෙවර්ලි හිල්ස් ලෙස හැඳින්වෙන ප්රදේශයක පිහිටි ජනපති මන්දිරයට ප්රවේශ වීම අවහිර කිරීම සඳහා ජනාධිපති ආරක්ෂක සේවය කම්බි සහ බස් රථ භාවිතා කරමින් බාධක යොදා ඇති බවත් සඳහන්.
යූන්ව සාමකාමීව අත්අඩංගුවට ගන්නා ලෙසයි වැඩබලන ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.