වෛද්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් – වාර්ෂික ස්ථාන මාරුවීම්වල ප්‍රමාදයක්

වෛද්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් – වාර්ෂික ස්ථාන මාරුවීම්වල ප්‍රමාදයක්

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම මේ වන විට මාස ගණනාවක් ප්‍රමාදවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ, පවතින නීත්‍යානුකූල ක්‍රමවේදය උල්ලංඝනය කරමින් ක්‍රියාකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් උත්සහායන් දැරීමට ඊට හේතුව වී ඇති බවයි.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් සංඛ්‍යාව 5000කට අධික සංඛ්‍යාවක් අසාධාරණයට ලක්ව ඇති බව සඳහන්.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට ද පෙර නොවූ විරූ අන්දමේ අනවශ්‍ය අත පෙවීම් සිදුවෙමින් පවතින බව මෑත කාලීන සිදුවීම් හරහා නිරීක්ෂණය වී ඇති බවයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහල් පද්ධතියේ පරිපාලන තනතුරු ගණනාවක් පුරප්පාඩු වී ඇති අතර රාජකාරි ආවරණය කිරීම වැඩ බලන පරිපාලකයින් හරහා සිදු විමෙන් වෛද්‍ය පරිපාලන ‌ශ්‍රේණියේ ද ගැටලු ගණනාවක් මේ වන විට උද්ගත වී තිබෙනවා.

ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 7ක් පුරප්පාඩු වී තිබීමද බරපතල තත්ත්වයක් වන බව සඳහන්.

Share This