ණය ගනුදෙනුවලදී ප්‍රවේශමෙන්: අද දවස ඔබට කොහොම ද?

ණය ගනුදෙනුවලදී ප්‍රවේශමෙන්: අද දවස ඔබට කොහොම ද?

25.11.2024 සඳුදා

රාහු කාලය
අද – 07.34 සිට 09.04 දක්වා

හෙට – 03.05 සිට 04.35 දක්වා

මේෂ
ක්‍රියාකාරකම් බහුල වෙයි.තරමක් අතපසුවීම්වලට හේතුයි. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් ක්‍රියා කළයුතු දිනකි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග, උගුර අමාරු සෑදේ.

වෘෂභ
ගමන් බිමන් බහුලයි. තවද අනවශ්‍ය ලෙස වියපැහැදම් ඇතිවෙයි.සාමාන්‍යයෙන් දුරදිග බලා තීරණ ගත යුතුයි. රාජකාරි ස්ථානවල කැපීපෙනේ.තම ව්‍යාපාර දියුණුවට පත්වෙයි.අමතර ලාභ ලබයි. ඉදිමුම් රෝග, සන්ධි රෝග සෑදේ.

මිථුන
තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි.තරමක් රාජකාරි සංකීර්ණතාවයට පත්වෙයි.පොදුසේවා ක්‍රියාකාරකම්වල ද යෙදේ.ණය ගනුදෙනුවලදී ප්‍රවේශම ද මැනවි.භූමි සම්පත් ලබයි.සන්ධි රෝග, වාත රෝග මතුවේ.

කටක
ක්‍රියාකාරකම් බහුල දිනකි. දුර ගමන්වලට හේතුයි.තරමක් වැයපස ඉහළ යයි.භූමිය පිළිබඳ ක්‍රියාකාරකම්වලින් ජය දෙයි. තම ඥාතීන් සමීපතාවයට පත්වේ.හදිසි ලාභ ලබයි.සෙම් කෝප රෝග මතු කරයි.

සිංහ
බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙයි.තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියා කරන දිනකි. ආගමික වතාවත් ගරු කරයි.සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ.වැය ඉහළයි.බඩවැල් ආශ්‍රිත රෝග මූල මතුවේ.

කන්‍යා
ගමන් බිමන් බහුලයි.තම අරමුණු ජය ගනී.උත්සව සැණකෙළි වැනි දේවල යෙදේ.තම මිතුදම් ඇති වෙයි.තම වටිනාකමද ප්‍රදර්ශනය වෙයි.ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. වැයපස ඉහළයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.

තුලා
ක්‍රියාශීලී දිනකි.විනෝද ගමන් ක්‍රියාකාරකම් ආදියෙහි යෙදේ. ප්‍රීති සාද යෙදේ.දහමට අවතීර්ණව ක්‍රියා කරයි.තම ඥාතීන් දහමට යොමු කරවයි.පොදු සේවා ක්‍රියාවන්හිද යෙදේ.සන්ධි රෝග, ඉදිමුම් රෝග මතුවේ.

වෘශ්චික
ප්‍රීති උත්සව සාද යෙදේ. විනෝද ක්‍රියාවන්හි යෙදෙයි.වැයපස ඉහළ යන දිනකි.තම නිවස උත්සව ශ්‍රියාවක් ද ගෙන දෙයි.ඥාති සම්බන්ධතා වර්ධනය වෙයි.වැයපස ඉහළ යයි.මුත්‍රාරෝග, අශ්මරි වැනි දේට හේතුයි.

ධනු
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. විනෝදාත්මක ක්‍රියාකාරකම් යෙදේ. වැදගතුන් ඇසුරට පත්වෙයි.ගමන් බිමන් බහුල වෙයි. වියපැහැදම් ද තරමක් වැඩි වන දිනකි.අමතර ලාභ ලබයි.ඉදිමුම් රෝග, සන්ධි රෝග මතුවේ.

මකර
අවිවේකී බව ඇති වෙයි. විනෝද ගමන්,වන්දනා ගමන් යෙදෙන අතර ප්‍රීති උත්සව සාද වැනි දේට ද හේතු වෙයි.දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප වෙයි.තරමක් සභාවේ දිනයි.මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

කුම්භ
තරමක් ශුභවාදී ඵල දෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ගමන් යෙදේ.උත්සව සාද වැනි දේවලට හේතුයි.තම ඥාතීන් නිසා වැයපස ඉහළ යන දිනකි. සෙම් රෝග, පෙණහ ̈ ආසාදනවලට හේතුයි.

මීන
යහපත් ලෙස දවස ගෙවයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. විනෝදජනක කටයුතුවල ද මූලිකව ක්‍රියා කරයි. ආගමික උත්සව වැනි දේවල යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. සිරසගත රෝග මතු කරයි.

Share This