ඇෆ්ගනිස්ථානයට ලකුණු 72ක ජයක්
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 72කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (06) සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 157ක් රැස්කරගත් අතර ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 243ක්.
සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 86ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 363ක් ලබාගත්තා.
ඒ අනුව ලකුණු 277ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 205ක් පමණයි.
ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස ඇෆ්ගනිස්ථානය ජයගත්තා.