ජනවාරි සහ පෙබරවාරි මසවල විශේෂ දුම්රිය ධාවනයක්
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය මෙන්ම සති අන්ත නිවාඩු හේතුවෙන් විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙලක් සංවිධාන කර තිබෙනවා.
ඒ, එම දිනවල ඇති වන ගමනාගමන තදබදය අවම කිරීම සඳහායි.
ඒ අනුව කොළඹ – කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද කොළඹ – කොටුව සිට බදුල්ල දක්වා ද විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙලක් ක්රියාත්මක වනු ඇති.