සෞඛ්‍ය අමාත්‍යවරයා, ඖෂධ නියාමන අධිකාරියේ හදිසි නිරීක්ෂණයක
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හදිසි නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදීයි.
එහි සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බවත්, ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවත් ඔහු කියා සිටියා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය රට තුළ පවතින ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්රමිතීන් සහතික කිරීම මගින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.
එමෙන්ම ඖෂධ, සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන සහ රූපලාවන්‍ය ද්‍රව්‍යවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා නියාමනය, අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ලබාදීම ද සිදු කරනු ලබන ආයතනයක් වන බව සඳහන්.
මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුලු නිලධාරින් සමග අධිකාරියේ වත්මන් ක්‍රියාකාරීත්වය, පාලන ක්ෂේත්රය, කාර්ය මණ්ඩල ගැටළු, ඖෂධ මිල නියාමනය, ඖෂධ ලියාපදිංචිය, නව අයදුම්පත් කැඳවීම වැනි ක්ෂේත්‍ර පිළිබදව අමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරත වුණා.
ඖෂධවල ගුණාත්මකභාවය, තත්ත්වය, මිල ඇතුලු ඖෂධ සම්බන්ධ සියළු කටයුතුවල දී ගැටලු මතු වුවහොත් කණ්ඩායමක් ලෙස සියළු දෙනා ඊට වගකිව යුතු බවයි, නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ.