ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකා Emma McKeon ක්‍රීඩාවෙන් සමුගනියි: “මම තරගකාරී පිහිනුම් ක්‍රීඩාවෙන් නිල වශයෙන් විශ්‍රාම ගන්නවා”

ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකා Emma McKeon ක්‍රීඩාවෙන් සමුගනියි: “මම තරගකාරී පිහිනුම් ක්‍රීඩාවෙන් නිල වශයෙන් විශ්‍රාම ගන්නවා”

ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩිකා Emma McKeon, ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

සිය Instagram ගිණුමෙහි සටහනක් තබමින් ඈ සඳහන් කර තිබුණේ, තමා නිල වශයෙන් ම පිහිනුම් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවයි.

එමෙන්ම, පැරිස් ක්‍රීඩා උළෙල තම අවසන් ඔලිම්පික් උළෙල වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

30 හැවිරිදි එමා ඔලිම්පික් පදක්කම් 14ක් (ඉන් හයක් රන්) දිනූ විශිෂ්ට ක්‍රීඩිකාවකි.

එමෙන්ම ඇය ඕස්ට්‍රේලියානුවෙකු විසින් දිනාගත් වැඩිම රන් සඳහා වන ඉයන් තෝර්ප්ගේ වාර්තාව අභිබවා යයි.

එමාගේ දස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව ඇයව හඳුන්වන්නේ ‘ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව පුරා පිළිගත් ශ්‍රේෂ්ඨතම ඔලිම්පික් ක්‍රීඩිකාවක්’ ලෙසයි.

Share This