ඉරාකයේ ජනගහනය මිලියන 45 යි: වසර 30 කින් කළ සංගණනයක්

ඉරාකයේ ජනගහනය මිලියන 45 යි: වසර 30 කින් කළ සංගණනයක්

ඉරාකයේ ජනගහනය මිලියන 45.4 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි ප්‍රකාශ කර තිබෙනවා.

ඒ නොවැම්බර් 20 දින පවත්වන ලද සංගණනයකින් ලබා ගත් දත්ත පදනම් කර ගනිමින්.

මෙම සංගණනය වසර 30 කට පසුව කරන ලද්දක්වන අතර එය ඉරාකයේ අනාගත සැලසුම් සහ සංවර්ධනය සඳහා තීරණාත්මක පියවරක් සනිටුහන් කරන බව සඳහන්.

සංගණනයට පෙර ඉරාක සැලසුම් අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබුණේ එරට ජනගහනය මිලියන 43ක් පමණවන බවයි.

Share This