තඹුත්තේගම පොලිසියෙන් රියදුරන්ට තේ පැන් සංග්රහයක්
රාත්රී කාලයේ වාහන ධාවනය කරන රියැදුරන්ට තේ පැන් සංග්රහයක් ලබාදීමට තඹුත්තේගම පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ, එම කාලයේ අනතුරුවලට හේතු වී ඇත්තේ, රියැදුරන්ට නින්ද යෑම බවට අවබෝධ කරගැනීම හේතුවෙන්.
තඹුත්තේගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්රියාත්මක කර ඇති බව සඳහන්.