බිරිදගේ අනියම් පෙම නිසා සැමියෙකු ජිවිතයෙන් වන්දි ගෙවයි

බිරිදගේ අනියම් පෙම නිසා සැමියෙකු ජිවිතයෙන් වන්දි ගෙවයි

බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ දී අනියම් පෙමක් හේතුවෙන් ඊයේ (01) ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් ඇති වු ගැටුමකදි පුද්ගලයෙකු මියගොස් ඇති බව බලන්ගොඩ පොලීසිය පවසනවා.

බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එමි.චන්ද්‍ර ගුණරත්න නැමති 54 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

මරණකරුගේ බිරිය සමග අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (01) දහවල් අදාළ කාන්තාව මුණගැසීම සඳහා ඇයගේ නිවසට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී නිවසට පැමිණි මරුණකරු සහ ඔහුගේ බිරිදගේ අනියම් සැමියා පැවසෙන පුද්ගලයා දැක දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇති තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී සැමියා විසින් අනියම් සැමියාට පහර දීමට උත්සාහ කිරීමේදී ඔහු ඇද වැටී මියගොස් තිබෙනවා.

රත්නපුර අපරාධ පරික්ෂණ අංශයේ නිළධාරින් පැමිණ ස්ථානීය පරික්ෂණ සිදු කළ අතර බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍ය දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදුකළා.

මහේස්ත්‍රාත්වරිය පොලීසිය වෙත නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණක් සිදු කර අධිකරණට වාර්තා කරන ලෙසයි.

මරණය සම්බන්ධයෙන් අනියම් සැමියා යැයි කියන පුද්ගලයා බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

බලන්ගොඩ නලින්ද වලේබොඩ

Share This