මොන්ටිනිග්‍රෝවේ සමූහ වෙඩි තැබීමෙන් පසු ජාතික ශෝක කාලයක්

මොන්ටිනිග්‍රෝවේ සමූහ වෙඩි තැබීමෙන් පසු ජාතික ශෝක කාලයක්

තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ළමුන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය යාමේ සිද්ධියෙන් පසු මොන්ටිනිග්‍රෝවේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු මොන්ටිනිග්‍රෝවේ සෙටින්ජේ ප්‍රදේශයේ අවන්හලක් තුළ අමුත්තන් කිහිපදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

45 හැවිරිදි ඇලෙක්සැන්ඩර් මාටිනොවිච් නම් ප්‍රහාරකයා සියදිවි නසාගෙන ඇති බව පසුව තහවුරු වී තිබෙනවා.

මේ අනුව රජය බ්‍රහස්පතින්දා සිට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එරට අගමැති මිලොජ්කෝ ස්පාජික් වෙඩි තැබීම “භයානක ඛේදවාචකයක්” ලෙසයි හඳුන්වා ඇත්තේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩැනිලෝ සරනොවිච් පවසා ඇත්තේ, තුවක්කුකරු ඔහුගේම පවුලේ සාමාජිකයන්, අවන්හල් හිමිකරුගේ දරුවන් දෙදෙනෙකු සහ හිමිකරු ද මෙලෙස ඝාතනය කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා පුද්ගලයින් සිව් දෙනෙකුද රෝහල්ගත කර තිබෙනවා.
මොන්ටිනිග්‍රෝවේ මේ ආකාරයේ සමූහ වෙඩි තැබීම් සාපේක්ෂව දුර්ලභ බව සඳහන්

Share This