ශ්‍රී ලාංකික ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සියල්ල සුදානම්
![ශ්‍රී ලාංකික ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සියල්ල සුදානම් ශ්‍රී ලාංකික ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සියල්ල සුදානම්](https://monara.com/wp-content/uploads/2024/12/471856293_1023219853174545_4935430738374821603_n.jpg)
ශ්‍රී ලාංකික ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට මේ වනවිට සියල්ල සුදානම්.
ඒ, වසරක් අවසානයේ සහ නව වසරක් ආරම්භයේ අප, ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සිදුකරන දැවැන්ත මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින්.
ඒ අනුව එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙරට තිබු සියළු වාර්තාවන් සියල්ල බිද හෙළමින් නව වාර්තාවක් පිහිටුවීමට ස්වර්නවාහිණී මාධ්‍ය නාලිකාව සූදානමින් ඉන්නවා..
ඉතින් ලංකාවේ කවුරුත් නොකරපු අලුත්ම අත්දැකීමක් විදිහට, ලංකාවේ ‘ලොකුම කේක්’ නිර්මාණය තිළිණ කරන්නයි ස්වර්නවාහිණී නාලිකාව මේ සැරසෙන්නේ..
2024 වසරේ අවසාන දවස වන අද (31) දිනයේ රාත්‍රී 7.30ට වෝටර්ස් එඩ්ඩ්ජ් පරිශ්‍රයේදී මෙය නිර්මාණය කිරීමට සියල්ල සුදානම්….
ශ්‍රී ලංකාවේ ඉහළම ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුක්ත අමුද්‍රව්‍ය මෙම කෙක් නිර්මාණය සඳහා භාවිත කරනු ලබනවා.
එමෙන්ම, මෙරට සිටින දක්ෂතම සූපවේදීන් සහ ආචාර්යවරුන්ගෙ මග පෙන්වීම යටතේයි මෙම මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ.
ශ්‍රී ලංකාවට දක්ෂ සූපවේදීන් බිහිකරන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනයේ සූපවේදින් විශාල ප්‍රමාණයක් සහ හෝටල් පාසලේ සිසු දරු දැරියන් සමග එක්ව ලංකාවේ ‘ලොකුම කෙක්’ එක නිර්මාණය කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න ස්වර්ණවාහිනිය සූදානම්..
‘ලංකාවේ ලොකුම කේක්’ නිර්මාණය කර වාර්තාවක් පිහිටුවීමේ සියලුම අධීක්ෂන කටයුතු සිදු කරනු ලබන්නේ සෙරෙන්ඩිබ් ආයතනයයි.
මෙම උත්කර්ෂවත් අවස්ථාව අද පස්වරු 7.30ට කොළඹ වෝටර්ස් එජ් පරිශ්‍රයේ කලා තරු රැසක් පිරි වරාගෙන පැවැත්වීමට නියමිතයි.