අල්ලස් ගන්න ගිය දෙදෙනෙකු පිටකෝට්ටේ දී අල්ලයි

අල්ලස් ගන්න ගිය දෙදෙනෙකු පිටකෝට්ටේ දී අල්ලයි

පිටකෝට්ටේ ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්.

Share This